නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය

හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

මේවනවිට නිල්වලා ගඟ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි පැය 03 සිට පැය 24ක් දක්වා වු කාලය තුළ බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ එම මාර්ග භාවිත කරන රථ වාහන රියදුරන්ට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දිමක් සිදුකරයි. 


දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ සහ අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සඳහන් කළේය.
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්