මහින්ද රාජපක්‍ෂ ට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.



එලෙස සිදුකර හෝ පාර්ලිමේන්තුව විසුරුවා වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළයුතු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.



''මහින්ද අගමැති කරන්න ජනපතිගෙන් ඉල්ලීමක් කර නෑ'' - SLPP

WhatsApp Image 2023 01 02 at 11.53.09 AM

කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පැවසුයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කරන ලෙස තම පක්ෂය කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා අගමැති ධූරයට පත් නොකරන බවත්, මහින්ද රාජපක්‍ෂ යනු ජනතාව වෙනුවෙන් බලය අත්හරීමේ හැකියාව ඇති නායකයෙක් බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම එබව සඳහන් කළේය.

 

මහින්ද රාජපක්ෂ නැවත අගමැති කිරීමේ උත්සහයකට අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කළා යන ප්‍රචාරය සම්පූර්ණ පදනම් විරහිත කතාවක් බව කී පොහොට්ටු පක්ෂයේ ලේකම්වරයා, දේශපාලන වශයෙන් බංකොලොත් වූ පුද්ගලයින් එවැනි කථා පතුරවන බව ද සඳහන් කළේය.

 

කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සහ ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය පෙනෙන බවත්, මහින්ද රාජපක්ෂ යනු මේ රටේ නිදසහසින් පසු බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා බවත් ඔහු කීය.

මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු හතරකට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක් නිමා කළ වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා බව කී කාරියවසම් ලේකම්වරයා පැවසුවේ, එතුමාගේ භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය නැති නායකයෙක් බවත්ය.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්