ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කර සිටියි.



“ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධුරය ලබාදීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා විවිධ කොන්දේසි දැම්මේ නෑ. ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත් අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් සඳහන් කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (මැයි 15 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමට අනුව ක්‍රියා නොකරන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට පියවර තුනක වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීම හෝ අදාළ ආණ්ඩුකාර ධූරවලට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සාකච්ඡාවට ලක් වී ඇති මූලික පියවර දෙක වේ.

එසේ නැතහොත් ඉල්ලා අස්නොවන ආණ්ඩුකාරවරුන් තවදුරට ත් ජනාධිපතිගේ නියෝජිතයන් සේ නොසලකන බවට රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඔවුන්ගේ මුදල් ප්‍රතිපාදන කපා හැරීම තෙවන පියවර ලෙස සාකච්ඡා වී ඇත.


සබැඳි පුවත් :
අස්නොවෙන ආණ්ඩුකාරවරු පන්නන ක්‍රියාමාර්ග තුනක් !



 
JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය