උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.


ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙම ඉවත් කිරීම කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම් චාල්ස් මහත්මියත්, නැගෙනහිර ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොන්ඩමන් සහ වයඹ ආණ්ඩුකාර ලෙස ලක්ෂමන් යාපා හිටපු අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතය,

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා කටයුතු කරනු ලැබිය.

ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අද (15) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් නිර්දේශ කළ ආණ්ඩුකාරවරුන් පස්දෙනෙකුට (05) තවදුරටත් රඳවා ගැනීමට නියමිත බවද පැවසේ.

බස්නාහිර ආණ්ඩුකාරවරයද ඉවත් කිරීමේ සුදානමක් තිබුන ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත එම තීරණය හකුලාගෙන ඇතැයි වාර්තාවේ.
 

සබැඳි පුවත් :
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්