පාසල් සිසුන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධානම විභාග දෙකක රාජකාරි කළ නිලධාරීන්ට

ගෙවිය යුතු සම්පුර්ණ මුදල් ප්‍රමාණය මේ දක්වා නොගෙවීම ඉදිරි විභාග කටයුතු සඳහා බරපතල බලපෑමක් ඇති කළ හැකි බවට දිවයිනේ ප්‍රධානතම ගුරු සංගමයක් අනතුරු අගවා සිටී.

ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පැවති සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාවල රාජකාරි කළ නිලධාරීන්ට විභාග රාජකාරි වෙනුවෙන් නොගෙවා ඇති මුදල රුපියල් කෝටි 250 ක්  පමණ වන බවයි.

මේ වන විට පැවති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව දීර්ඝ කාලයක ප්‍රමාදයකින් පසු විෂයයන් කිහිපයක ආරම්භ කර ඇති නමුත් පොරොන්දු වූ පරිදි එම රාජකාරි කටයුතුවල නිරත වන පිරිස් සඳහා අත්තිකාරම් මුදලක් ලබා නොදීම හේතුවෙන් මැයි 15 වැනිදා  මධ්‍යස්ථාන 13 කට ආසන්න ප්‍රමාණයක රාජකාරි ආරම්භවීම ප්‍රමාද වු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

" විභාග දෙපාර්තමේන්තුව මෙහිදී පොරොන්දු වූයේ අද සහ හෙට දිනවල මෙම අත්තිකාරම් මුදල් ගෙවා අවසන් කරන බවයි. එසේ පොරොන්දු වූ පරිදි එම අත්තිකාරම් මුදල් ගෙවීම සිදු නොවුනහොත් එම රාජකාරි සඳහා ද බලපෑමක් වනු ඇත."

2022 සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 දින ආරම්භ වීමට නියමිතව ඇත.

ලංකා ගුරු සංගමය අනතුරු අගවන්නේ මේ ආකාරයට ජාතික විභාගවල කටයුතු ගණනාවක් තිබියදී හා ඒවා දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබියදීත් තවදුරටත් පැවති විභාග රාජකාරි සඳහා මුදල් නොගෙවීමෙන් එම කටයුතු තවදුරටත් අඩාල වීමට ඉඩ ඇති බවයි.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර ඉදිරි විභාග කටයුතුවලට බලපෑමක් සිදු නොවන පරිදි ඉතා කඩිනමින් පැවති විභාගවල රාජකාරි සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.  

ljdlfsdf

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්