කුඩා දරුවන් ඇතුළු තිස් හය දෙනකු වෙසක් මාසයේ ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට

චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය උතුරේදී පවත්වා තිබේ.

කුමුදිනී ඝාතනය අනුස්මරණ කමිටුව විසින් ඩෙල්ෆ්ට් නමින් ප්‍රකට නෙඩුන්තීව් දුපතේ ජැටිය අසල ස්ථාපිත කර තිබෙන කුමුදිනී ස්මාරකයට මැයි 15 වැනිදා  මලින් පහනින් උපහාර දක්වා එම අනුස්මරණය සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

1985 වසරේ මැයි 15 වැනි දා උදෑසන කාන්තාවන්, දරුවන් හා පිරිමින් ගෙන් සැදුම්ලත් හැත්තෑ දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඩෙල්ෆ්ට් දූවෙන් ''කුමුදිනී'' යාත්‍රාවට නැගුනේ යාපනය නගරයට ලගා වීමේ අරමුණෙනි.

ඔවුන්ට නගරයෙන් ලබා ගැනීම සදහා බොහෝ අත්‍යාවශ්‍ය සේවා, බේත්හේත් හා තවත් කළමනා තිබෙන්නට ඇත.


එසේ මුත් ඔවුන් බොහොමයකට යාපනය නගරයට ලඟා වීමේ ඉඩක් නොවි ය. ඉතිරි අයගේ ගමනාන්තය වූයේ ආරෝග්‍ය ශාලාවන් ය.

මහමුහුද මැදදී නයිනතිව් (නාගදීප) නාවික කදවුරේ භටයන් යයි විශ්වාස කරන සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකට ''කුමුදිනී'' යාත්‍රාව මැදි  විය.

මේ ප්‍රහාරයෙන් කාන්තාවන්, දරුවන් හා පිරිමින් ඇතුලත් 36 දෙනකුගේ දිවි අහිමි වු අතර  විසි දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූහ.

මෙතැනදී මිය ගිය 23 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.

තම දිවි තොර කරනු ලැබීමේ හේතුවක් නොදැනම 38 වසරකට ඉහත දී ඝාතනයට ලක් වුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන්  2023  මැයි 15 වැනිදා උදෑසන නෙඩුන්තීව් මාවිලිතුරෙයි ජැටිය අසල පිහිටි ශාන්ත සවේරියා පල්ලියේ හා ගණ දෙවි කෝවිලේ පුජාවන්ද පැවැති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
04
කුමුදිනී ඝාතනය අනුස්මරණ කමිටුවේ සභාපති වී රුද්‍රන් විසින් රචිත குருதியின் குமுறல்கள் (ලේ කැටි) නම් කවි පොත ද එළි දක්වා තිබේ.


යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේ මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි ඇතැම් දෙමළ ජනයාට නොමැරී දිවි ගලවාගන්නට සරණ වූ 'මුල්ලිවයික්කාල් කන්ජි' නමින් ඉතිහාසගතවූ කැඳ කුමුදිනී ඝාතනය අනුස්මරණට එක්ව සිටි පිරිසට ලබා දීමටත් සංවිධායකයන් කටයුතු කර ඇත.

1985 වසරේ වෙසක් මාසේ 15 වැනි දා 'කුමුදිනී'' යාත්‍රාව තුළ සිදු කළ සමුහ ඝාතනයෙන් ජීවිත ගලවා ගත් වින්දිතයන් ගේ අමිහිරි අත්දැකීම් පහතින් කියවන්න.


නාවික හමුදාව චෝදනා ලබන 'කුමුදිනී සමූලඝාතනයට' අවුරුදු තිස් පහයි!
 

 

Kumuduni 2023.05.16 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image