''ජනාධිපති පත්කලේ අපි. බහුතරය හදලා දුන්නෙ අපි. ඉතින් අපි හදලා දීපු ,ජනාධිපතිවරයෙක් පත් කරපු අපි විපක්ෂයේ වාඩිවෙන්නෙ නෑ.''

යයි පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පවසා සිටියේ, ''ඔබතුමලා විපක්ෂයේ වාඩිවෙනවා කියන්නෙ ඇත්ත ද ? '' කියා මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේදීය.

ප්‍රශ්නය :
මහින්ද රාජපක්ෂ නැවත අගමැති කරනවා කියන්නෙ ඇත්ත ද?

ජොන්ස්ටන් :
මහින්ද මහත්තයා කොහෙවත් ඉල්ලා තියෙනව ද අගමැතිකම ඕනෙ කියලා. ඕවා ප්ලාන්ට් නිවුස්. දැන් අගමැති කෙනෙක් ඉන්නෙ.

ප්‍රශ්නය-
ඇමතිකම් නැති නිසානෙ විපක්ෂයට යන්නෙ?

ජොන්ස්ටන් :
අපි හදපු ආණ්ඩුව අපි පත් කරපු ජනාධිපති දැන් හොදින් කරගෙන යනවනෙ. අපට ඕනෙ ඇමතිකම් නෙවෙයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන එක ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහල නංවන එක. අනික අපි කිවුවා සජබෙන් ඕනෙ තරමක් අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. ඉතින් එහෙම කරන්නනෙ ඕනෙ.''





JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates