සිය නිවසේ මෙහෙකාරියට හිමිනමක විසින් ලිංගික අතවර කිරීමේ සිදුවීමකට ආධාර අනුබල දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්

අධිකරණයට ඉදිරිපත් වූ කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළාය.

බකමූණ පදිංචි අයිරාංගනී පුෂ්පකුමාරි මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වේ.

ඇය කොළඹ 8 පැල්පොල විපස්සි මාවත වගීෂා ආදර්ශාගේ නිවෙසේ මෙහෙකාරියක ලෙස සේවය කළ බවත් එම නිවසේ කාමරයක ලැගුම් ගෙන සිටින වැලිපිටියේ චන්ද්‍ර සිරි නම් හිමිනම දිනක් තමන්ට කතා කර සම්බාහනය කිරීම සඳහා උපදෙස් දුන් බවත් පැමිණිල්ලේ සඳහන්ය.

එය සිදු කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී හිමිනම සිය ලිංගේන්ද්‍රිය පෙන්වා සිටි බවට පැමිණිලිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටී.

මෙම සිදුවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන නිවසේ හිමිකාරිය වන ආශු මාරසිංහ ගේ පෙම්වතිය බව කියන වගීෂා ආදර්ශා ද මෙම සිද්ධියේ සැකකාරියක ලෙස නම් කර තිබුණි.

ඒ අනුව ඇය පෙරේද (16) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර වැලිපිටියේ චන්දසිරි හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය