තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු පැසිෆික් කලාපයේ කම්කරු සමුළුව

මෙරට ප්‍රධාන පෙලේ ස්වාධීන වෘත්තීය සමිති ක්‍රියාකාරිනියන් තිදෙනෙකු නියෝජනය කරයි.

 ලෝක කම්කරු සංවිධානය ඉදිරිපත් කර තිබෙන වැඩපොළ තුල සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීමේ පිළිවෙත ගැන අධ්‍යනයක් මැයි 18 -19 දෙදින තුල ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් පනස් දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වේ.

'ඉන්ඩස්ට්‍රී ඕල්' ජාත්‍යන්තරය විසින් සංවිධානය කරන මෙම කම්කරු සමුළුවට ඔවුන්ගේ ශ්‍රීලංකා නියෝජිත වෘත්තීය සමිති වලින් පළමු වරට ක්‍රියාකාරිනියන් තිදෙනෙක් එක්වී තිබේ.

ලංකා වෙළද, කර්මාන්ත හා පොදු කම්කරු සංගමයේ  [ CMU ] විධායක කමිටු සභික සහ නිදහස් මාධ්‍යවේදිනියක් වන ඉෂංඛා සිංහආරච්චි, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ [ FTZ & GSEU ] විධායක සභික දර්ශිකා ගල්තරලේකම් සහ ශ්‍රීලංකා ලෝහ හා සංක්‍රමණික කම්කරුවන්ගේ ජාතික සංගමයේ  [NUMMSL]  ව්‍යාපෘති සම්බන්ධිකාරක රියානා ෆෙයිරෝස්  මෙම කම්කරු සමුළුව නියෝජනය කරයි.

රියානා ෆෙයිරෝස්  2009 වසරේ සිටත්, ඉෂංඛා සිංහආරච්චි  2017 වසරේ සිටත්, දර්ශිකා ගල්තරලේකම් 2019 වසරේ සිටත් වෘත්තීය සමිති ක්‍රියාකාරිනියන් ලෙස කටයුතු කරමින් සිටින්නීය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්