ඉතිහාසයේ සිට ආගම් පැවතියේ මනුශ්‍යයින්ව හික්මවන හා සීමා කිරීම් වලට යටත් කරන්නා වූ මෙවලමක් වශයෙනි.

 


විශේෂයෙන්ම බුද්ධාගම වැනි ආගමක පදනම ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වන විට එහි බාහිර රූපකාය තුල තිබෙන්නේ උපාසිකාවක් හෝ උපාසකයෙක් වන විට පන්සිල් පද පහ ආරක්ෂා කරගැනීම හරහා හික්මවීම හා සීමාකිරීමකි.

මූලිකව බුද්ධාගම පිටකයන් තුනකින් සමන්විත වන විට එහි විනය පිටකය හරහා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු සමාජයද හික්මවීමට හා දැඩි සීමාකිරීම් වලට ලක් කර තිබේ.

එසේ කිරීමට බලපාන ලද හේතු බුදුන්ගේ යුගයේම උන්වහන්සේ දුටු අතර ආගමේ නියෝජිතයන් මෙන්ම භාරකාරයන් වන භික්ෂු සංස්ථාව ඒ හරහා විනයානුකූල හික්මීමකට ලක් කිරීමකට බුදුන් කටයුතු කලහ.

xzdfgsdg

නමුත් සමාජයක් පරිණාමය වන විට එහි සංස්කෘතික කාරනා පවා ආර්ථිකයෙන් තීන්දු වෙන්නා වූ තැනට ගමන් කිරීමෙන් පසු එහි පරස්පරය අපිට දැන් ලැබී තිබේ.

තව දුරටත් පන්සල් යනු ආගමික මධ්‍යස්ථාන යන ව්‍යුහයෙන් බැහැරව ව්‍යාපාරික ස්ථාන බවට පරිවර්තනය වී ඇත. ඒවා මුදල් මත තීන්දු වන හා එම මුදල් පාලනය කරන්නන් අතින් තීන්දු වෙන ස්ථාන බවට පොලාපැන ඇත.

මෙම පන්සල් නඩත්තු කරන අලුත් ව්‍යාපාරික ප්‍රජාව යනු විශාඛා සිටුදේවිය හෝ අනේපිඩු සිටානෝ නොවේ. එසේම පශ්චාත් යටත් විජිත යුගයේ මුල් කාලයේ සිටි මධ්‍යම පංතියද නොවේ. නැත්නම් බණ්ඩාරනායක විසින් සංවිධානය කරනු ලැබූ ගොවි, ගුරු, වෙද, කම්කරු බලමුලුද නොවේ.



 සමකාලීන යුගයේ මෙම පන්සල් නඩත්තු කරන්නේ මත්ද්‍රව්‍ය, ස්පා, වැලි, පස් වැනි ලුම්පන් පංතියක් අතිනි. සිය ආර්ථිකය පිළිබඳව නිරන්තර බියකින් සිටින ඔවූහූ සිය ආර්ථිකය පිළිබඳව ඇති වරදකාරීත්වයක් සමග බැදී තිබේ. සිය ආර්ථිකය සදාචාරවාදී සීමාවන් උල්ලංඝනය කර ඇති බව ඔවුන් දන්නා නිසාම හා ඒ හා ගැලපෙන සංස්කෘතියක් ගොඩනැගී නොමැති නිසාම ඔවූහූ ඉතා පහසුවෙන් පන්සල් කරා ගාල් වෙති. කඨින පිංකමේ සිට පන්සල් වල තීන්ත ගෑම, අලුත්වැඩියා කටයුතු හා හාමුදුරුවරුන්ට මෝටර් රථ පරිත්‍යාග කිරීම් දක්වා ඒවා විහිදෙයි.

xdgsgsdg



මේ අලුත් පංතිමය තත්ත්වය පිළිබඳව සංඝ සමාජය තුල ඇත්තේ දේශපාලනික කියවීමක් නොවේ. අනිත් අතින් මේ පංතිය සදාචාරවාදී සීමාවන් ඉක්මවා ඇති බව සංඝ සමාජය නොදන්නවාද නොවේ. සිදුවන්නේ මේ පරස්පරය අතර ඇති ගැප් එක හිඩැස, ඉඩ පිළිබඳව ආගම හරහා කිසිදු කියවීමක් නොලැබීම යි.



එක්කෝ මේ පරස්පරය පිළිබඳව සංවාදයක් ගොඩනගා මේ ගැටලුව අලුත් කියවීමකට රැගෙන යා යුතුය. එසේත් නොමැතිනම් ඊට එරෙහිව පැරණි සාරධර්ම හා ආගමේ සදාචාරවාදී සීමාවන් වෙත නැවත පසු බැසිය යුතුය. පලමු අවස්ථාව ලබාගත හැකි වන්නේ සිය කියවීම් හා හැදෑරීම් ආගමෙන් එලියට රැගෙන යාමට නිර්භීත වන සංඝ සමාජයකටය. දෙවන අවස්ථාව යනු ඈත අතීතය වෙත ආර්ථික කාරනා පසෙකලා හා තමන්ගේ සුඛ විහරනයද ඉවතලා ගමන් කිරීමට නිර්භීත වීමයි.

xgfdsg

මේ අන්ත දෙකෙන් හැර අතරමැදි ස්ථානයක් යනු, මාධ්‍ය අවකාශය තුල තොදොල් වීමටත්, විහිලුවක් බවට පත්වීමටත් ඇති ඉඩක් විනා අන් යමක් නොවේ.

අවසනාවකට ලාංකීය සංඝ සමාජය මේ අතරමැද තෝරාගෙන තිබේ.



(දවසේ සටහන : carbonnews.lk)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්