ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.


ජාත්‍යන්තර රග්බි ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති කඩකිරීමක් පිළිබඳව මතුව ඇති ගැටලුවලට ප්‍රතිචාර දක්වමින්, මෙම තීරණයට එලැඹි බවයි.

ලෝක රග්බි කවුන්සිලය සහ ආසියා රග්බි සංගමය, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සිදුවිය බාධා අවම කිරීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර සම්මේලනය සහ කලාපීය සංගමය සියලු පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කරන බවට එකඟ වී ඇතැයි, අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

පාලන ගැටලු විසඳීම සඳහා අදාළ සියලුම පාර්ශවකරුවන් සමග කටයුතු කිරීම ඉක්මනින්ම සිදුකළ යුතු බව එහි සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ඉදිරියේදී ආසියානු සහ ජාත්‍යන්තර තරගාවලිවලට එක් වීමට අවස්ථාව හිමි වන්නේ, ඉහත ගැටලු විසඳීමට සමත් වුවහොත් පමණක් බවද එහි දැක්වේ.

ලෝක රග්බි සහ ආසියා රග්බි ආයතනය දැනට පවතින අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත රැස්වීම් වැඩසටහනක් මගින් සියලුම පාර්ශවකරුවන් සමග කඩිනමින් කටයුතු කරනු ඇතැයි, අන්තර්ජාතික රග්බි ආයතන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Rugby l 2023



සබැඳි පුවත් 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්