ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත විය.



මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය.

1959 වසරේදී හා මල් පිපෙන්නේ ගග ගලන්නේ ගීතය ගායනා කිරීමෙන් ගීත ලොවට පිවිසි ඔහු දශක 7 කට ආසන්න කාලයක් පුරා ගීත 500 කට අධික ගණනාවක් ගායනා කර තිබේ.

"හා මල් පිපෙන්නේ, පෙම් ලෝකෙ පුරා, රෝස මලක් දුටුවාම, ඇළ දොළ ගංගා යාවි ගලා, රුවන් තොරණ් තනා, වතුර නාලා, මුස්තාපා මම මුස්තාපා" ඔහු ගායනා කළ  ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි. ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් ගුවන් විදුලියේ ‘ඒ‘ ශ්‍රේණීයේ ගායකයෙකි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

 

 

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates