යුද්ධයෙන් මියගිය සහ අතුරුදහන්වූ දෙමළ ජනයා ස්මරණය කිරීම

අද (මැයි 18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළේ දී සිදු කෙරුණි.

ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් ද සහභාගී වූහ.

පහන් දල්වා තම මියගිය ඥාතීන් ස්මරණය කිරීමට මෙහි පැමිණෙන පිරිසට සෑම වසරකදීම සංවිධායකයෝ පොල් පැළ බෙදා දෙති.

මියගිය සහ අතුරුදහන්වූ ඥාතීන් සංකේතවත් කරමින් තමන් ඒවා නිවෙස් කරා රැගෙන ගොස් රෝපණය කර ආරක්ෂිතව රැකබලා ගන්නා බව ඥාතීහු පවසති.

{gallery}wellimulli{/gallery}

 

 

බොරැල්ල උණුසුම් වෙයි

මේ අතර යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සිහිකිරීම සඳහා කොළඹ, බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවති වැඩසටහනකට තවත් පිරිසක් බාධා කිරීමත් සමග අද (මැයි 18) උණුසුම් තත්ත්වයක් ඇති විය.

විරෝධතා පුවරු රැගෙන එම ස්ථානයට පැමිණි පිරිසක් එය 'කොටි සමරුමක්' ලෙස පැවසුහ.

ඒ අවස්ථාවේ දී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පසුව කැරලි මර්දන කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ද එම ස්ථානයට කැඳවා තිබූ අතර දෙපිරිස විසුරුවා හැරීමට ඔවුහු ක්‍රියා කළහ. 


(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්