තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ

බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ එබව කියා සිටියේය.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනපති වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

FUTA RW 1

FUTA RW 2

FUTA RW 3


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්