'අස්වැසුම' ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ

ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසුවේය.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද එක්ව වු බව සඳහන්ය.


ජූලි සිට සමෘද්ධිය අහිමිවන්නේ කාට ද ?

0001

මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසන්නේ, දේශපාලන හිතවත්කම් මත මෙපමණ කාලයක් අනුන්ගේ සමෘද්ධිය ගත් සල්ලිකාරයින්ට ජුලි මාසයේ සිට සමෘද්ධිය අහිමිවන බවයි.

ජූලි මාසයේ සිට සමෘද්ධි සහ පිං පඩි කෙලින්ම බැංකු ගිණුමටම ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු කියා සිටියි.

ඔහු එබව කියා  සිටියේ, රජයේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ''101 කතා'' සමාජ මාධ්‍ය වැඩසටහනේදී ඔහු පහත කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

?️ සුභසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තෙක්ට ආධාර නොලැබුනොත් කළ යුත්තේ කුමක්ද ?

?️ ප්‍රතිලාභීන් තෝරාගත් නව ක්‍රමවේදය කුමක්ද ?

?️ දේශපාලනඥයින්ගේ ලැයිස්තු වලට ප්‍රතිලාභ ලැබෙනවා ද ?

 

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

5

උයන්පල්ලා...

ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇට මැස්සා

Gossip

අමුතු උද්ඝෝෂණයක්