ශ්‍රී ලංකාව හා චීනය අතර ඇත්තේ ඉතා එෛතිහාසික, මිත්‍රත්වයකි. ඒ මිත්‍රත්වය, ආර්ථික, සමාජ, දේශපාලන, ව්‍යාපාර ආදී සෑම ඉසව්වක් කරාම ව්‍යාප්ත වී ඇත.

ඒ සෑම ඉසව්වකටම වඩා බලවත්ව දෙරට අතර මිත්‍රත්වය ගොඩනැගී ඇත්තේ සංස්කෘතික අංශය තුලිනි.

දෙරටටම ආවේණික වූ විවිධ සංස්කෘතික සබඳකම්, හුවමාරුවන් තුලින් ඒ මිතුදම වසරින් වසර ලියාලා වැඩේ. දෙරටෙහිම ඇති සංස්කෘතික සබඳකම් තවත් වැඩි කරන ඉසව්වක් ලෙස “තේ සංස්කෘතිය” හැඳින්විය හැකිය.

ලංකාවට ආවේණික තේ වර්ග, තේ පිළිගැන්වීම හා තේ කර්මාන්තය ආශ්‍රිත වූ විවිධාකාර ගති ලක්ෂණ මෙන්ම චීනයටද ආවේණික වූ එවැනි විවිධත්වයන් දෙරට අතර තේ සංස්කෘතිය මනාව විදහා පාන්නකි.

එලෙස දෙරටේම “තේ සංස්කෘතික අත්දැකීම්” විද ගැනීමට මනා අවස්ථාවක් ලෙස කොළඹ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී (China Cultural Centre in Sri Lanka) ඇරඹුනු “ශ්‍රී ලංකා - චීන තේ සංස්කෘතික ප්‍රදර්ශණය” (Sri Lanka - China Tea Cultural Exhibition) හැඳින්විය හැකිය.

චීනයට ආවේණික තේ පිළිගැන්වීම හා සමූහයක්  එක්ව තේ පානය කිරීමේ ක්‍රමවේදය මේ වනවිට යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස සඳහන් වන අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයකි.

චීනයේ පාරම්පරික තේ කලාවන් හා රසය විදගැනීමටත්, ශ්‍රී ලංකාවේ විවිධ වූ තේ රසයන් විදගැනීමටත්, එමෙන්ම තේ කර්මාන්තය හා සම්බන්ධ එෛතිහාසික ඡායාරූප හා මෙවලම් ගැන අත්දැකීම් ලබාගැනීමටත් මේ ප්‍රදර්ශණයට එක්වීම තුලින් ඔබට අවස්ථාව ලැබේ.

මෙම ප්‍රදර්ශණය මැයි මස 18 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක ගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ, සංස්කෘතික අංශයේ ප්‍රධානී, ජං ඉංබාඕ ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ප්‍රදර්ශණය 19 සහ 20 දෙදින උදෑසන 10.00 සිට රාත්‍රී 07.00 දක්වා ම කොළඹ 07, නිදහස් මාවතේ, අංක 05 දරණ ස්ථානයේ ඇති ශ්‍රී ලංකාවේ - චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී මහජනතාව සඳහා නොමිලේම විවෘතව පවති.

මෙම ප්‍රදර්ශණය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය (Ministry of Culture & Tourism of the People's Republic of china ) හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය( Embassy of the People's Republic of China in Sri Lanka) දක්වයි. එමෙන්ම මෙම ප්‍රදර්ශණය සංවිධානය චීනයේ ජාත්‍යන්තර සංස්කෘතික සංගමය (China International Cultural Association) හා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය (China Cultural Center in Sri Lanka) මඟින් සිදුකරයි.  

සම සංවිධායකත්වය ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයේ චීන භාෂා අධ්‍යයන අංශය (Confusers Institute at University of Colombo) විසින් උසුලන මෙම ප්‍රදර්ශණයට සංකල්පමය දායකත්වය බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) විසින් ලබාදෙයි. 

china 1

china 5

china 4

china 3

china 2


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්