කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු

අද (19) දින අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී, මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් දැඩි ලෙස බාධා කර ඇත.

ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ 18 දින රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙසේ පැමිණි මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවය.

මේ අතර සිටි මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට, එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන ඇත.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර, කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී, ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන, ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ගෙන ඇත.

එහෙත් මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ ද, මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බව, එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වී තිබේ .

ඉන්පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත රැගෙන යාම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාර දීම සදහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින්, බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබුණි.

එහෙත් ඒවා නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමග, මොහු සිය මිතුරන් දෙදෙනා ද සමග, ගුවන් තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති අතර ඒවා පාලනය කර ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබුණි.

මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිටීමට ද ක්‍රියා කර තිබුණි.

(dinamina.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්