අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් තමන් ඉවත්වී නව කැඳවුම්කරුවකු පත්වීමට නියමිත බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර සිටියි.



ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අනිද්දා' ජාතික පුවත්පත කළ විමසීමකදීය.

එම සමාජ මාධ්‍යවල හා වෙබ් පිටු වල තිබු තොරතුරු අතර මැයි 24 ඉරිදා පැවති අන්තරේ සැසිවාරයේදී වසන්ත මුදලිගේ විසින් මෙම තීරණය දන්වා ඇති බවද ඒ අනුව මැයි 20 කැලණි විශ්ව විද්‍යාලයේ දී මෙම නව පත්වීම අවස්ථාව සිදු කිරීමට සූදානම් කොට ඇති බවද පළවී තිබිණි.

එමෙන්ම මෙම ඡන්ද විමසීම සඳහා සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති බවත්, එයට හේතු වූයේ පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එම සරසවි එකඟ නොවීම බවත් සඳහන්ව තිබිණි.

තවද එම තොරතුරුවල දක්වා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ මොහොමඩ් රිෆාත් (Rifath sparrow -බයිරා)  යන ශිෂ්‍ය නායකයින් ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග විසින් පවසන බවයි.



මේ ආකාරයට පළවී ඇති සියලු තොරතුරු කිසිදු පදනමකින් තොර බවත්, අන්තරයේ අභ්‍යන්තරව සංවිධාන තොරතුරු කිසිදු ආකාරයකින් මාධ්‍යවලට දැනුම්දීමක් ඔවුන් නොකරන බවත් වසන්ත මුදලිගේ 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එවන් දැනුම් දීමක් ඇත්තන් මාධ්‍යවෙත ඉදිරියේදී නිල ආකාරයෙන් දැනුම් දෙන බවයි.

සබැඳි පුවත් :
මුදලිගේ වෙනුවට අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් !

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්