වර්ග සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් හැර වෙනත්

කිසිදු පරීක්ෂණයක් පිළි නොගන්නා බව යළි යළිත් සපත කරමින්, දාහතර වසරකට පෙර මුල්ලිවයික්කාල් සංහාරයේදී දිවි තොරවූ දහස් ගණනක තම සමීපතමයන් අනුස්මරණය කිරීමට දෙමළ ජනයා කටයුතු කර තිබේ.

මැයි 18 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට ආරම්භ වු මුල්ලිවයික්කාල් අනුස්මරණයේ සමරු ගිනිසිළුව දල්වනු ලැබුයේ යුද්ධයෙන් තම සමීපතමයන්  14 දෙනකු අහිමි වූ මන්නාරමේ පදිංචි කොන්සියුලස් විනීතා මාතාව විසිනි.

දස දහස් ගණනක් ජනඝාතනයට බිලිවූ මුල්ලිවයික්කාල් භූමියේ පැවති හැඟුම්බර අනුස්මරණය කෙටි වෙලාවකින් හමාර වූයේ පුෂ්පයෙන්, සුගන්ධයෙන් හා දීපයෙන් මල’වුන්ට  බුහුමන් දක්වමිනි.

ඝාතනයට ලක් වු තම ඥාතීන් අනුස්මරණය කිරීම සදහා මුල්ලිවයික්කාල් භූමියට පැමිණ සිටි පිරිසට පෙර වසරවලදී මෙන්ම පොල් පැළ බෙදා දීමට සංවිධායකයන් කටයුතු කර තිබුනි.

Wellimulli 6මුල්ලිවයික්කාල් භූමියට පැමිණ සිටි පිරිසට පොල් පැළ බෙදා දීමට සංවිධායකයන් කටයුතු කර තිබුනි

 

දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වු දැවැන්තම වර්ග සංහාරයේ 14වැනි අනුස්මරණය සදහා දකුණේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හා මාධ්‍යවේදීන් අතලොස්සක් පමණක් එක්ව සිටි බව සදහන් කරන පළාත් බද වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ වෙනදා මෙන් මෙවර අනුස්මරනය සදහා ආරක්ෂක අංශ වල දැඩි බාධා කිරීම් වාර්තා නොවු බවයි.
 

දෙමළ ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුද එක්ව සිටි මෙවර අනුස්මරණයේ මුල්ලිවයික්කාල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ තෙන්කයිලෙයි ආදීනම්  ආශ්‍රමයේ සභාපති සිවතිරු අගතියර් අදිකාලර් හිමියන් විසිනි.

සිහිකිරීම ඊළාම් දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකමක් පමණක් නොව සංස්කෘතික අයිතිවාසිකමක් ද වන බැවින් ශ්‍රී ලංකා රජයට එය වැළැක්විය නොහැකි බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2017 දී එවක ජනාධිපතිවරයාට ලියා දැන්වා තිබුනේ “මියගිය අයකු LTTE සටන්කාමියකු වූ පලියට එය සිය ආදරණීයයන් වෙනුවෙන් ශෝක වීමට හා සිහිපත් කිරීමට ඥාතීන්ට සැලසෙන අවස්ථාව වැළක්වීමේ හේතුවක් කොට නොගත යුතුය. සමීපතමයන්ගේ තරාතිරම හෝ දේශපාලන විශ්වාසය කුමක් වුවත් ඔවුන් සිහිපත් කිරීම සෑම පවුලකම අයිතියකි.” යනුවෙනි.

මුල්ලිවයික්කාල් සංහාරය ඇතුළු දෙමළ ජනයාට එරෙහිව සිංහල, බෞද්ධයන් විසින් සිදු කරමින් පවතින වර්ග සංහාරය සම්බන්ධයෙන් දෙමළ ජනයා  ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර ඊට අඩු කිසිම පරීක්ෂණයක් පිළි නොගන්නා බව මෙවර මුල්ලිවයික්කාල් ප්‍රකාශයේ අවධාරණය කර ඇත.
 

දෙමළ නිජබිම දුර්වල කරන, නිජබිම තුළ දෙමළ ජනයාගේ සිවිල් උරුමය දුර්වල කිරීමට දරන ඕනෑම උත්සාහයක්, සිංහල-බෞද්ධ ජාතිවාදීන්  විසින් තමන්ට  එරෙහිව දියත් කළ වර්ග සංහාර යුද්ධයේ කොටසක් ලෙස සැමවිටම සලකන බව තෙන්කයිලෙයි ආදීනම් ආශ්‍රමයේ සභාපති  සිවතිරු අගතියර් අදිකාලර් විසින් ඉදිරිපත් කළ මුල්ලිවයික්කාල් ප්‍රකාශයේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

 

කොළඹ සිහිපත් කිරීමට බාධා

මුලතිව්, මුල්ලිවයික්කාල් භුමියේ අනුස්මරණය පැවැත්වෙද්දී යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සිහිකරමින් දකුනේ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් කොළඹ, බොරැල්ල කනත්ත ඉදිරිපිට සංවිධානය කර තිබු වැඩසටහනකට සිංහල ජාතිකවාදීන් පිරිසක් කඩාවැදී බාධා පමුණුවා තිබුනේ එය "කොටි සැමරුමක්" ලෙස චෝදනා කරමිනි.

දෙමළ ජාතිකයන්ට ජාතික පිළිගැනීමක් ලැබිය යුතු අතර දෙමළ ජනයාගේ ස්වාධීනත්වය පිළිගත යුත්තේ දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය සහ ස්වයං නිර්ණ අයිතිය පදනම් කරගෙන බව පෙන්වා දෙන මුල්ලිවයික්කාල්  ප්‍රකාශයේ තව දුරටත් සදහන්ව ඇත්තේ දෙමළ ජනයාගේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක්,  බහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා සාක්ෂාත් කරගත යුතු බවයි.

යුද නිමාවේ 14 වැනි සැමරුම ජාතික රණවිරු සේවා අධිකාරියේ සංවිධානත්වයෙන් මැයි 19 වැනිදා  ආණ්ඩුව විසින් " ජාතික රණවිරු සැමරුම් උත්සවය" ලෙසින් සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී  පවත්වා ලදි.

 
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි දශක තුනක කාලයක් පැවති යුද්ධයෙන් යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්  28,619 දෙනෙක් දිවි පුදා ඇති අතර ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 27,000කට අධිකය.



සබැඳි පුවත් :
 
 
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්