ජනාධිපතිවරණය කඩිනම් කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයට

විපක්ෂය පූර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ එය ඉක්මනින් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරණය මේ වසර තුළම පැවැත්වීම රජයේ සැලසුම වී ඇතැයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කර තිබේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබන සැප්තැම්බරයේ ලැබීමත් සමඟ ජනතාවට තවත් සහන පිරිනමා ජනාධිපතිවරණයට යාමට ආණ්ඩුව අදහස් කරන බවත් දැනගන්නට තිබේ.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ යුතුය. එම කටයුතු සඳහා අවශ්‍ය මූලික මෙහෙයුම් කටයුතු ජනාධිපති කාර්යාලයට අනුබද්ධ ජ්‍යෙෂ්ඨ නීති විශාරදවරියන් තිදෙනකු විසින් දැනටමත් ආරම්භ කර ඇතැයිද 'දේශය' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්