ශ්‍රී ලංකාවට පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මඟ පෙන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා පරිපාලනයට අමාත්‍යංශ 15 ක් පමණක්

නිර්දේශ කරන බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති වික්‍රමසිංහ පසුගියදා ආණ්ඩුවේ අමාත්‍යංශ 30 ක් ඇති බවත් අමාත්‍යංශ සංඛ්‍යාව 30 කට සීමා කරමු යැයි පැවසූ බව ද කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසන්නේ එහි නිර්දේශයට අනුව අමාත්‍යංශ 30 ක් ප්‍රමාණය ඉක්මවා යෑමක් බවයි.

‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්’ යන මැයෙන් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය 2020 වසරේ ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවේ එම අමාත්‍යංශ 15 නම් කර ඇති අතර එමගින් අකාර්යක්‍ෂමතාව අවම කරගනිමින්, ආණ්ඩුකරණ ව්‍යුහයේ තර්කානුකූලභාවය උපරිමයෙන් තහවුරු කිරීමේ හැකියාව පවතින බවත් කැබිනට් අමාත්‍ය ධූර පිරවීම සඳහා වාර්තමානයේ අනුගමනය කරන පිළිවෙත ආණ්ඩුවේ කාර්යක්‍ෂමතාවට සහ ඵලදායීතාවයට අනිසි ලෙස බලපාන බවත් එම ආයතනය සඳහන් කරයි.

මූල්‍ය සහ සැළසුම්, අධිකරණ, ආරක්‍ෂක, අධ්‍යාපන හා පරීක්‍ෂණ, සෞඛ්‍ය, කෘෂිකර්ම, කම්කරු, මහජන සේවා, වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා, ආර්ථික කටයුතු, ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු, පවුල් හා ප්‍රජා සංවර්ධනය, සමාජ හා සංස්කෘතික සහ පරිසර යන අමාත්‍ය 15 ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නම් කර තිබේ.

Screenshot 2023 05 22 at 9.13.11 AMඑක අමාත්‍යංශයක් යටතේ පැවතිය යුතු විෂයන් විවිධ අමාත්‍යංශ අතර බෙදා තිබීම සහ එකිනෙකට නොගැලපෙන විෂයන් එක අමාත්‍යංශයක් යටතට ගෙන තිබීම ප්‍රධාන ගැටලු දෙක යැයි පෙන්වා දෙන එම ආයතනය, මෙම ගැටලු දෙක හමුවේ තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් ආණ්ඩුවේ වගවීම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට පවතින හැකියාව පහත වැටීම සහ සමස්තයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට වැඩි මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම වැනි තත්වයන් අතීතයේදී මුහුණදීමට සිදුවූ බවත් කියයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්