වසර තුනක් තුළ රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමටත් වසර දහයක් තුළ රට සංවර්ධිත රටක් කිරීමේ මූලික සැලසුමක් සහිත එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් අද (22) ජනරජ දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් ආරම්භ වන මෙම නව පක්ෂය අද සවස 2.30ට මහරගම තරුණ සේවා සභාවේදී එළිදැක්වීමට නියමිතව ඇත.

ජනරජ පක්ෂය තරුණ තරුණියන් සඳහා මූලිකත්වය ලබාදීමේ අරමුණෙන් ස්ථාපිත කරන බව එහි නායක පාඨලී චමිපික රණවක පැවසීය.

තමන් සහ තමන් සමග සිටින පිරිස තනතුරු දරණ සමයේ සිය වගකීම් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බැවින් සියළුදෙනාට නව පක්ෂයට එකතු වන ලෙස ආරාධනා කරන බව චම්පික රණවක කියාසිටියේ ය.


ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි කරන බව එම පක්ෂය පවසයි.

HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් (එනම් අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවාදය) සහ ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරන බව එම පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

347826789 216940807783198 5896870963670831225 n



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්