ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් වැඩිය දැඟලුවොත්,

LTTEයේ ප්‍රභාකරන්ලාව නන්දිකඩාල්වලින් අවසන් කළා සේ සුමන්තිරන්ගේ අරගලය ද නන්දිකඩාල් වලින් අවසන් කිරීමට ආරක්ෂක අංශ සුදානම් බව මාගල්කන්දේ සුදන්ත හිමියන් අවධාරනය කර සිටිති.

 මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ එබව වදාරා සිටියේ, ලබන වසරේ නිදහස් දින උළෙලේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම ඉවත් කිරීම නිසැකවම ජාතික සංහිඳියාවට සහ ඒකාබද්ධතාවට දැඩි පහරක් බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා කර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

''ප්‍රභාකරන්ලට නන්දිකඩාල් කලපුවෙන් අවසන් හුස්ම මේ වා තලයට එකතු කරන්න හැකි වුනා සේම, සුමන්දිරම්ලත් එහෙම අරගලයකට යනවනම් නන්දිකඩාල් කලපුවෙන් එය අවසන් කරන්න අපේ ආරක්ෂක අංශ සූදානම් කියන පනිවිඩය මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.'' යයි පැවසු උන්වහන්සේ පැවසුහ.

 

''රනිල්ගේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ තවත් එක් පැතිකඩක්''

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ උන්වහන්සේ,

''චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සංහිඳියා කාර්යාලයක් හදලා පළමුවෙන්ම කරේ මොකක්ද, අපේ රටේ ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්ට යෝජනා කිරීම. ඒ අනුව පසුගිය අවුරුදු හතර තුළ සංහිඳියාව කියන මාතෘකාව ඉස්සරහට දාගෙන යහපාලන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ ඒ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ තවත් එක් පැතිකඩක් හැටියට අපි දකිනවා ඒ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම.

ලෝකයේ අතීශය බහුතරයක් රටවල් ජාතික ගීය ගායනා කරන්නේ ඒ රටේ ප්‍රධාන භාෂාවෙන් චීන නම් චීන භාෂාවෙන් ජපානෙ නම් ජපන් භාෂාවෙන් කොරියාව නම් කොරියන් භාෂාවෙන්, ඉතාලි නම් ඉතාලි භාෂාවෙන්, ප්‍රංශය නම් ප්‍රංශ භාෂාවෙන්, ජර්මනිය ජර්මන් භාෂාවෙන්. මේ වගේ ඒ රටවලට අනන්‍ය වෙච්ච භාෂාවෙන් තමයි ජාතික ගීය ගායනනා කරන්නෙ.

හැබැයි අවාසනාවකට මේ සංහිඳියාව කියන මාතෘකාව ඉස්සරහට දාගෙන අපේ රටේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය තුළ ඉඳගෙන අපේ රටේ ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නට යෝජනා වෙලා. ඒ මම පෙර සඳහන් කළ රනිල් වික්‍රමසිංහගේ ඒ පවුකාර බලවේග එකතුවෙලා මේ ජාතික ගීයත් භාෂා දෙකින් ගයන්නට කටයුතු කරා රටේ බහුතර ජනතාවගේ විරෝධය මැද්දේ.

text 29 3ඒක නිසා මේ වෙලාවේ අපි මතක් කරනවා ජාතික ගීය දෙමළෙන්ද සිංහලෙන්ද ගායනා කරන එක නෙවෙයි ප්‍රශ්නේ ඒ කොහොම ගායනා කරත් එය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. හැබැයි එක නෙවෙයි සංහිඳියාව කියලා කියන්නේ සංහිඳියාව කියන්නේ ජාතීන් අතර අනෝන්‍ය සම්බන්ධතාවය ඒ බැඳීම ඒ ජනකොටස්වල ඒ අනෝන්‍ය සම්බන්ධතාවය ඇති කිරීම.

ඒ සම්බන්ධතාවය ඇති කිරීමට පුලුවන් කම තිබෙන්නේ මේ රටේ බයුතරයක් වන සිංහල ජනතාවගේ ඒ සංස්කෘතිය සබ්‍යත්වය, සිරිත්විරිත් චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම මේ රටේ ඉතිහාසය පුරාවස්තු සම්බන්ධයෙන් තිබෙන්නාවූ ඒ ආකල්පමය සහපත් ආකල්පයක් පවට පරිවර්තනය කිරීම තුලින්ම තමයි සංහිඳියාව ඇති කරන්න පුලුවන්කම තිබෙන්නේ. සරලව කිනවා නම් රටේ බහුතර ජනතාව වෙච්ච සිංහල ජනතාවගේ සංස්කෘතියට අවනත වීම තුළින්ම පමණයි මේ රටේ සංහිඳියාව ඇති කරන්නට පුලුවන් කම ලැබෙන්නේ. 

ඒකට හොඳම උදාරණය තමයි අපේ රටේ තරුණයෝ කොරියාවට යනවා නම් රැකියා සඳහා කොරියන් භාෂාව ඉගෙනගෙන යන්න ඕනේ. අපේ රටේ තරුණයෝ ජපානයට යනවා නම් ජපන් භාෂාව ඉගෙනගෙන යන්න ඕනේ. වෙනත් රටකට යනවා නම් එ රටේ භාෂාව ඉගෙනගෙන යන්න ඕනේ. එතකොට ඒ රටේ අන්‍යතාව වුණ ඒ රටේ භාෂාවෙන් තමයි වැඩකටයුතු කරන්නේ. ඒ නිසා ඒ භාෂාව ගෙනගෙන යන්න ඕනේ.

හැබැයි අපේ රටේ එක හාත්පසින් වෙනස්වෙලා තියෙනවා. අපේ සිංහල රජයේ සේවකයන්ට කියනවා දෙමල ඉගෙනගන්න කියලා. එහෙම නෙවෙයි කිව යුත්තේ දෙමළ මිනිස්සුන්ට කියන්න ඕනේ සිංහල ඉගෙන ගන්න කියලා අන්න එහෙමයි මේකේ සංහිඳියාව හදන්න පුලුවන් වෙන්නේ. ‍එහෙම නැතුව තවදුරටත් මේ සමාජයේ දේහය බෙදලා බෙදලා සංහිඳියාව ඇති කරන්න පුලුවන් කමක් නැහැ.

 

''මහින්ද ජනාධිපතිවරයා දෙමල සන්ධානය තහනම් නොකිරීම වරදක්''

ඒ නිසා මතක තියාගන්න අපි කියනවා සුමන්තිරම්ලට නැවත වතාවක් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මේ රට තල්ලුකරන්න හදන්න එපා. ඒක නිසා අපි කියනවා වහාම මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය හකුල ගන්න. මේ බෙදුම්වාදී අදහස් වපුරන්න එපා.

text 29 4මහින්ද රාජපක්ෂ මහත්තයාට තව වැරදුන එක් තැනක් තමයි එල්ටීටීඊ සංවිධානය යදමය වශයෙන් පරාජය කරාට මේ රට තුළ එල්ටීටීඊ සංවිධානයේ මතවාදය ජනගත කරන දේශපාලන ධාරාව තහනම් කරන්න බැරිවුණා.

ඒ දේශපාලන ධාරාව තමයි දෙමළ ජාතික සන්ධානය කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට ඒක කරන්න බැරිවුණා. 

ඒ නිසා අපි කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් ඒ වගේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් දේශපාලන ධාරාවේ දෙමළ බෙදුම්වාදී න්‍යාය පත්‍රවල ඉන්න දෙමළ දේශපාලන නායකයන්ව වහාම පුනරුත්ථාපනය කරන්න. එහෙම නැතිවුණොත් මොවුන් අහිංසක දෙමළ වැසියන්ව බෙදුම්වාදී න්‍යාය පත්‍රය හරහා අරගලයකට තල්ලු කිරීමට යම් ඉඩ කඩක් තියෙනවා.

එහෙම වුණෝතින් ප්‍රභාකරන්ලට නන්දිකඩාල් කලපුවෙන් අවසන් හුස්ම මේ වා තලයට එකතු කරන්න හැකි වුනා සේම සුමන්දිරම්ලටත් අවශ්‍ය නම් අපේ රටේ ආරක්ෂක අංශ සූදානම් එහෙම අරගලයකට යනවනම් නන්දිකඩාල් කලපුවෙන් එය අවසන් කරන්න අපේ ආරක්ෂක අංශ සූදානම් කියන පනිවිඩය මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.'' 

 

''ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථා උල්ලංඝණයක් ''

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සංවාදයක් පවති. එහිදී ජාතික සංවිධාන නියෝජිතයින් අවධාරණය කරන්නේ, ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් පලකළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුයේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.

ජාතික ගීය පිළිබඳ ගැටලුවක් හුවා දක්වමින් ජාතීන් අතර බේද ඇති කිරීමට ඇතැම් දෙමළ නායකයින් උත්සාහ දරන බව 'සත්‍ය ගවේෂකයෝ 'සංවිධානය චෝදනා කරයි.  මේ එහි කැඳවුම්කරු නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත කියන කතාව.

අදාළ ප්‍රකාශයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කළේ, ජාතික ගීය දෙමළ බසින් නිදහස් දින උත්සවයේදී ගායනා කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා වලට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේවුවද ජාතික ගීය දෙමළ බස කතාකරන පාසල් ළමුන්ට දෙමළ බසින් ගායන කිරීමට ඉඩ ලබා දෙන ලෙසට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී. ආනන්දසංගරී ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇත.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ද චෝදනා කරන්නේ, වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් පවසන්නේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම එහි එක් සිද්ධියක් පමණක් බවයි.

සබැඳි පුවත් :

'රජයේ ආකල්ප සුහදත්වයට බාධාවක්' -මනෝ ගනේෂන්, ජනපතිට ලියයි

(හඬපට - නෙත්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්