මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ගෙන් හා පාතාලයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (22) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එබව කියා සිටියේ, මාධ්‍යවේයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න . මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක, පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා තර්ජන හෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ..."



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්