එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක්

කිසිදු  ලේකම්වරයකු පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දිනුම්දී තිබේ.

දෙපාර්ශවයම ඉදිරිපත් කර ඇති සියලු කරුණු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති අතර ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර තිබිණ.  ඒ අනුව මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ලිපියක් මගින් මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත යොමු කර තිබේ.

ඒ, අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී.කුළරත්න ගේ අත්සනින්ය.

තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස පත් කිරීම නීති විරෝධී බව පවසමින් අධිකරණය හමුවේ අදාළ නඩුව ගොණු කර ඇත්තේ මහින්ද අමරවීර විසිනි.

jfkldsflsd

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image