ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව

ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් අද (22) පැවසීය.  

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය දරණ කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක සම්බන්ධයෙන් කරුණු ඉස්මතුකර ඇති බව කී කාරියවසම් මන්ත්‍රීවරයා, ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරණවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවද කියලා ප්‍රශ්නයක් ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා එබව කියා සිටියේ, එම පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව මැයි මස 24 වන දින විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතය.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජාතික ජන බලවේගයත් ආණ්ඩුවේ මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශකිරීමට තීරණය කර තිබේ. එසේම පොහොට්ටු පක්ෂයෙන් ඉවත්වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන විමල් විරවංශ ගේ උත්තර පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ඩලස් අලහප්පෙරුමගේ 'නිදහස' මන්ත්‍රී කණ්ඩායම ද ආණ්ඩුවේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කර ඇත.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්