හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව

ගොනු කර තිබු රිට් පෙත්සමක් අද (22) අභියාචනාධිකරණය හමුවේ දී පෙත්සම්කරුවන් විසින්ම ඉල්ලා අස්කර ගන්නා ලදී.

පසුගිය වසරේ මැයි මස 09 වන දා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ එම පෙත්සම එසේ ඉල්ලා අස්කර ගත්තේය.

එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස නව වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි දන්වා සිටියේය.

එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන, ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය.



එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ විය. හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති වාර්තාවකින් තම සේවාදායකගේ කීර්ති නාමයට බලවත් කැළලක් සිදුකර ඇති බැවින් මෙම නඩු විභාගය තුලින් තම සේවාදායකයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කරුණු ගෙනහැර දැක්විය.

 

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

මැයි මස නව වනදා ඇතිවූ සිද්ධීන්වලින් පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් තිස් නවදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කමිටු නිර්දේශ ලීක් කරලා !

පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට එවක වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබිණ.

මෙම කමිටුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලබන්නේ තම නිවාස සහ දේපල ආරක්ෂා කර ගැනීමට, නොහැකිවීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඇතුලු 34 දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමකට අනුවය.

පසුගිය පෙබරවාරි 24දා අභියාචනාධිකරණයේදී මෙම පෙත්සම විභාගයට ගැණුනු අවස්ථාවේ දී එම කමිටු වාර්තාවේ නිර්දේශ ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

අදාල විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනරාල් දයා රත්නායක සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මෙම කමිටුව පත් කර තිබිණි.

මෙසේ අධිකරණයට ඉදිරිපත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ කිසියම් පිරිසක් විසින් එම මොහොතේම මාධ්‍යවෙත මුදාහැර තිබිණ.


සබැඳි පුවත් :

ශවීන්දාට එරෙහිව කරන්නාගොඩ කැකිල්ලේ තීන්දුව !

ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කමිටු නිර්දේශ එලියට !

මැයි 9 වැනිදා සිද්ධියට ශවේන්ද්‍ර ඇතුළු 18කට නොතීසි

ජනාධිපතිවරයා, කරන්නාගොඩ කමිටු වාර්තාව හංගලා!

මැයි 09 : ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්