එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බල මණඩලයේ සභාපති ලෙස සාගල රත්නායකව තොරා පත් කර ගෙන ඇත.

ඒ,  අද (22) කිරුලපන දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේ දීය.

හිටපු නාගරික මන්ත්‍රි අර්ෂාඩ් විසින් ජනාධිපති සාගල රත්නායක ගේ නම යෝජනා කර ඇති අතර සභාව විසින් එය එකමතිකව ස්ථිර කර තිබේ.

ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිලිබද ජනාධිපති ජෙෂ්‍යථ් උපදේශක කටයුතු කරන සාගල රත්නායක, එක්සත් ජතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවයි.

1999 දි මාතර -දෙනියාය ආසනයේ එජාප බල මණඩල සභාපතිවරයා ලෙස පත් වු සාගල රත්නායක, පලාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයක් සහ නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ.

එ අනුව සාගල රත්නායක ඉදිරියේදි කොළඹ දිස්ත්‍රිකයෙන් දේශපාලනයේ නිරත වනු ඇත.

Sagala 2023.05.23

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්