2022 මැයි 09 සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව සාධාරණයක්

ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම සිද්ධියට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසිය.

ඔහු එබව කියා සිටියේ, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 


පසුගිය වසරේ (2022) මැයි මස නව වනදා ඇතිවූ සිද්ධීන්වලින් පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් තිස් නවදෙනෙකු විසින් සිය නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනුණේ ඊයේ දිනයේදීය.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ විය. හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති වාර්තාවකින් තම සේවාදායකගේ කීර්ති නාමයට බලවත් කැළලක් සිදුකර ඇති බැවින් මෙම නඩු විභාගය තුලින් තම සේවාදායකයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කරුණු ගෙනහැර දැක්විය.

 කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.


සබැඳි පුවත් :

කරන්නාගොඩ වාර්තාවට පුස්සක් වෙයි ! ශවේන්ද්‍රට එරෙහි රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී

  

 JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය