නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ

බව රේගු ආරංචි මාර්ග කියයි.

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත්, බර කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක රත්‍රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් ඊයේ (මැයි 23) අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊට අමතරව ඔහුගේ ගමන් මල්ල තුළ තිබී රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාර්ට් දුරකතන 91ක් ද හමු වූ බව රේගුව කියයි.


Fw0dOT6aUAcnb8f

Fw0dNx2aYAEXiJo
මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත්  රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය.

මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මෙවර පාර්ලිමේන්තුවට පත්වුයේ එක්සත් මුස්ලිම් සන්ධානය නියෝජනය කරමිනි. මේවනවිට මෙම මන්ත්‍රීවරයා කල්පිටිය හා පුත්තලම ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරයි.



සබැඳි පුවත් :


රත්‍රන් සමග ඇල්ලූ මන්ත්‍රීගේ ගමන් මල්ලේ ස්මාට් දුරකථන 91ක්


මන්ත්‍රි අලි සබ්රි රත්‍රං තොගයක් සමග කටුනායකදී මාට්ටු

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්