ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස

මිය ගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසක් මේවනවිට විරෝධය පළ කර තිබේ.

කොළඹ නගරයේ සුදුසු ස්ථානයක එම ස්මාරකය ඉදිකිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.


''ත්‍රස්තවාදයෙන් මියගිය ජනතාවට කරන අවමානයක්'' - චම්පික

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පැවසුවේ ත්‍රස්තවාදී කණ්ඩායම් අනුස්මරණය සඳහා ස්මාරක පිහිටුවීම ත්‍රස්තවාදයෙන් මියගිය ජනතාවට කරන අවමානයක් බවයි.

 


මියගිය සාමාන්‍ය ජනයා සැමරීමේ ගැටළුවක් නොමැති බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායකයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.
 



''යුද්ධය නැවත මතක් කිරීම නොව එය අමතක කර දැමීය යුතුයි '' - ජවිපෙ


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ දැන් සිදුකළ යුතු වන්නේ යුද්ධය නැවත මතක් කිරීම නොව එය අමතක කර දැමීම බවයි.

 



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක කැබිනට් මණ්ඩලය ගෙන ඇති එම තීරණය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.


(nethnews.lk)



සබැඳි පුවත් :
රජය පුද්ගල අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීමේ වැදගත්කම කුමක්ද?

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්