ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සභිකයන් අට දෙනෙකු තෝරා පත්කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් ජය ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ (24) සමත් විය.



බණ්ඩාරානායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලිය ශාලාවේ දෙදිනක් පුරා මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

ඡන්ද ප්‍රතිඵල වලට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අපේක්ෂකයන් අට දෙනාම වැඩිම මනාපයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තේරි පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව වෛද්‍ය හරිත අලුත්ගේ ඡන්ද 3468ක් ලබා ඇති අතර වෛද්‍ය දර්ශන සිරිසේන 3287ක්, වෛද්‍ය චන්දික එපිටකඩුව 3283ක්, වෛද්‍ය ඉන්දික ද ලැනරෝල් 3217ක්, වෛද්‍ය ලාල් පනාපිටිය 2983ක්, වෛද්‍ය චන්දන ධර්මරත්න 2881ක්, වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ 2870ක් සහ වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ 2756ක් මනාප ලබා ගනිමින් වෛද්‍ය සභාවට තේරී පත්වී ඇත.

 

ශ්‍රී ලංකා වෛද්‍ය සභා‍වට සාමාජිකයින් තෝරාගැනීමේ මෙම ඡන්දය සඳහා ඉදිරිපත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී කණ්ඩායම් පරාජය වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී පක්ෂවල මතවාද දරන්නන් මෙම නිලවරණයේදී ඡන්ද 400ක් පසුකර යාමට හැකියාව ලැබී නොමැත. මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නියෝජන කරන කණ්ඩායම ද පරාජය වීම ද විශේෂත්වයකි.

 

දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා පත්ව ඇති කණ්ඩායම් වෛද්‍ය අධ්‍යාපනය තුළ පෞද්ගලික අංශයට ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රෝහල් තුල පෞද්ගලික අංශයටද ඉඩ දියයුතු බවට අදහස් දරන්නන් වීම විශේෂ කාරණයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහය ලද එම කණ්ඩායම් ඔවුන් විසින් පෙර පැවති දැඩි ප්‍රතිපත්තිවලින් බැහැරව ප්‍රගතිශීලී අදහස් ඇතිව කටයුතු කරන පිරිසක් බවට ද වාර්තාවෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 12 (1 Xcl) වගන්තිය යටතේ සභාවට සාමාජිකයින් තෝරා ගැනීම සදහා වෛද්‍ය ආඥාපනතේ 29 වැනි වගන්තිය යටතේ වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිලවරණයේ අවසන් ඡන්ද ප්‍රතිපලය පහත පරිදි වේ.


IMG 0440 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්