පවතින තත්ත්වය ඉදිරියේදී වැඩිදියුණුවීමත් සමඟ ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව

ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද (25) ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ සඳහන් කළේය.

"උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යෑම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වනවිට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි. අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරියි. විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම.. ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා."

"රට තුළ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් ඉහළ යාමත් සමග තවමත් එලෙස විදේශ විනිමය ප්‍රවාහයේ අඩුමට්ටමක් පැවතුණත්, එහි සමනයවීමක් දකින්නට ලැබෙන නිසා ආනයන සහ විනිමය පිටත ගලනයට පවතින සීමා ලිහිල් කිරීම ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවිය හැකියි. මේ නිසා ඉදිරියේදී තත්ත්වය වැඩි දියුණුවීමක් සමග ආනයන සඳහා පවතින සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පවතින සීමාවන්ද එලෙස ලිහිල් කිරීමට බලාපොරොත්තුවන අතර ඒ කරුණු දෙකම ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ඉවහල් වේවි."



මේ අතර ලෝ ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට නම් කර තිබේ. මෙම වාර්තාව සකස් කර ඇත්තේ ලොව රටවල් 157ක ආර්ථික දත්ත සැලකිල්ලට ගනිමිනි.




මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වෙමින් ලොව වඩාත් දුක්ඛිතම රට බවට පත්වී ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයය.

කෙසේවෙතත් වැඩබලන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මෙම දර්ශකය පැරණි දත්ත මත පදනම්ව සකස් කර ඇති බවය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්