හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩලයේ සිටි නිලධාරීන් බොහෝ දෙනෙකුට

වත්මන් ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නව පත්වීම් ලබාදී ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යේෂ්ඨ කාර්යමණ්ඩල නිලධාරියකු පැවසිය.

එම නිලධාරියා එබව කියා සිටියේ, මැයි 24 වනදා 'ඩේලි මිරර්' පුවත්පතේ පළවී ඇති Why is GR’s staff still heading a unit at President’s Office? ශීර්ෂයෙන් යුතු පුවත් වාර්තාව පිළිබඳව  කළ විමසීමකදීය.

ඔහු ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ පැවසිය.

'' හිටපු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ ජනාධිපති කාර්යාලයේ ක්‍රියාත්මක වූ "විශේෂ ව්‍යාපෘති" ඒකකය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩලය සඳහා අලුතින් නිර්මාණය කරන ලද "විශේෂ ව්‍යාපෘති" ඒකකයක් නමින් නව ඒකකයක් පවත්වාගෙන යන්නේ නැහැ.''

'' ජනාධිපතිවරයකුට හිමි දීමනා ගෝඨාභය රාජපක්ෂ නොකඩවා ලබගන්නවා කියන කතාව අසත්‍ය ප්‍රකාශයක්. හිටපු ජනාධිපතිවරයකුට හිමි දීමනා පමණක් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගන්නවා.''  එම නිලධාරියා පැවසිය.



''හිටපු ජනාධිපතිට රජයෙන් සැපයූ කොළඹ මලලසේකර මාවතේ සහ මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවසින් පිටත අති විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව අසත්‍යයක්. ඔහුට ලබා දී ඇත්තේ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි ආරක්ෂාව සහ පහසුකම් පමණයි. ''



''වත්මන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව සිටින නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ ගේ උත්සවයන්ට නිල වශයෙන් කිසිම විටක සහභාගිවන්නේ නැ.. විශේෂ ව්‍යාපෘති අංශය ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ සහ ක්‍රියාත්මක වන අංශයක් මිස එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීම පරිදි පිහිට වූ ඒකකයක් නොවේ.'' හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image