කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතා

මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 85වන වියේ පසුවූ ජයන්ත ධනපාල මහතා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධනපාල මහතා 1998 - 2003 අතර කාලසීමාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන් ම එක්සත් ජනපදයේ සහ ජිනීවාහී එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ලෙසත් ජයන්ත ධනපාල කටයුතු කර තිබේ.

 
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්