1200 x 80 DMirror

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතිය තුළ සිදුකරනු ඇතැයි

එම කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කාර ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.

මේ වන විට එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා අනතුරුව සාමාජික පිරිස අතරින් අයෙකු සභාපතිවරයා ලෙස පත්කරනු ලබනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

මේ මස 30 වන දා වනවිට අනිවාර්යයෙන් ම අවසන් කළ යුතු ලියකියවිලි පවතින බැවින් මේ මාසය තුළ මෙම පත්වීම් සිදුකරනු ඇතැයි ද හෙතෙම කියා සිටියි.

මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයා පත්කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්විය යුතුය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම ඇතුලු විදුලි බල ක්ෂේත්‍රයේ තීරණාත්මක තීන්දු තීරණවලට මැදිහත් වන ප්‍රධානතම ආයතනයක් වන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

හිටපු සභාපති ජනක රත්නායක පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතයකින් අනතුරුව ඉවත් කෙරිණි.

අවසන් වරට වැඩිකරන ලද විදුලි ගාස්තුව සම්බන්ධ රජයේ තීරණයට අනුමැතිය ලබාදීමේදී ඇතිවු තත්ත්වය මත මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් පැවතිණ. 

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය