1200 x 80 DMirror

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.



මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ එස්. රනුග්ගේ ගේ නමයි.

පසුගියදා මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ විට දීර්ඝ විවාදයක් හටගෙන තිබු බවත්, ව්‍යවස්ථා සභාව නිර්දේශ කරන නම් කිසිවකුට ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි බව එහිදී ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් ප්‍රමුඛ පිරිසක් ප්‍රකාශ කර තිබු බවත්, එහෙත් ව්‍යවස්ථා සභාව ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් 'දේශය' පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස නිර්දේශකර තිබු හත්දෙනෙකුගේ (07) නම් අතරින් හයදෙනෙකුගේ නම් අනුමතකල ජනාධිපතිවරයා, තවත් නමක් නිර්දේශකර එවනලෙස  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම්දී ඇති බවයි.


JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය