1200 x 80 DMirror

මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.



ඩග්ලස් නානායක්කාර දැනට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි.

1983 වසරේ පරිපාලන සේවයට එක්වූ හෙතෙම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් දැරූවෙකි. අමාත්‍යංශ අතිරේක ලේකම්, අමාත්‍යංශ ලේකම් ආදී උසස් පදවි දරා විශ්‍රාම ගත් හෙතෙම පසුගිය ජූලි මස සිට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත් කරනු ලැබීය.

හිටපු සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමෙන් හටගත් පුරප්පාඩුවට ඩග්ලස් නානායක්කාර පත් කෙරෙනු ඇතැයි පැවසේ.

(deshaya.lk)

 

 


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය