රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඇප මත මුදා හැරීමට අධිකරණය අද (30) නියම කළේය. 

ඒ අද (30) ඇයව යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 ඇය මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ රටින් පිටවීම තවදුරටත් තහනම් කරමින්, ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මතය.  ඇයගේ විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් අධිකරණය හමුවේ තබා ගෙන ඇත

අදාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 16වනදාය.

තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග සුදර්ශන ගුණවර්ධන, අමිල එගොඩවත්ත, දර්ශිකා උඩුගම, තනුක නන්දසිරි යන නීතිඥයින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

රාජ්‍යතන්ත්‍රීක කනස්සල්ලක් ! 

කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ 
ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයකට ලක්ව තිබු අතර ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳව කිහිපවරක්ම සිය කනස්සල්ල පළකර තිබිණ.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්ද, අදත් අධිකරණය වෙත පැමිණ සිටියේය.

සබැඳි පුවත් :

රිමාන්ඩ් කළ සිය තානාපති සේවිකාව ගැන ස්විට්සර්ලන්තයේ ප්‍රතිචාරය මෙන්න !

ස්විස් තානාපති නිලධාරිනිය වැලිකඩ 'Y' වාට්ටුවට : ඇයගේ නීතිඥයින් උසාවියේදී කියපු කතා මෙන්න 

ස්විට්සර්ලන්ත තානාපති හා ජනපති අතර හමුවක්: තානාපති නිලධාරිනිය රිමාන්ඩ් භාරයට

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය ගැන කළ ඉල්ලීම ඉවතට

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ස්විස් තානාපති නිලධාරිනියගෙන් පැය නවයක ප්‍රකාශයක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්