1200 x 80 DMirror

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වඩා වැඩියමක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන්

සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මෝදි රජය පියවර ගෙන ඇති බවය.

එරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවැති දේශනයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් .ජයශංකර් එම අදහස් පළ කර තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණදුන් අතර එහිදි ඉන්දියාව විසින් කිසිදා නොකළ ආකාරයට ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


පුවත් මුලාශ්‍රය:

EAM Jaishankar underlines ‘extended neighbourhood’: India did more for Lanka than IMF

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය