1200 x 80 DMirror

ස්වකීය වියදම් පියවාගත නොහැකි රාජ්‍ය සංස්ථා මණ්ඩල හා දෙපාර්තමේන්තු නඩත්තු කොට පවත්වාගෙන යාම සඳහා 2023 වසරේ ජනවාරි වනවිට

මහ බැංකුව විසින් රාජ්‍ය සංස්ථා වෙත ලබා දී තිබෙන සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1700ක් (රුපියල් කෝටි එක්ලක්ෂ හැත්තෑ දහසක්) බව පසුගියදා නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

2022 වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් ස්වකීය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට රජයෙන් රුපියල් බිලියන 80ක් (කෝටි 8000ක්) සපයා ඇත.

මෙහිදී අදාළ රාජ්‍ය සංස්ථා ගැන විශේෂ සඳහනක් කරන මහ බැංකු වාර්තාව, එම රාජ්‍ය ආයතනවල වංචා දූෂණ, අයථා කළමනාකරණය හා නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද එහි සඳහන් කර තිබේ.

ආණ්ඩුවල ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය ව්‍යවසායන් දැඩි ලෙස අවභාවිත කර ඇති බැවින් මෙම ආර්ථික අර්බුදය හටගත් බව මහ බැංකු වාර්තාව දැඩි ලෙස අවධාරණය කර තිබේ.

(deshaya.lk)

 


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය