1200 x 80 DMirror

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවෙමින් පැවති විනාශයේදී මෙරටින් සිදුකල ඉල්ලීම මත

ඉන්දීය රජය විසින් නාවික හමුදාව යෙදවීමේදී ඔවුන්ට දරන්නට වූ වියදම ආපසු ලබාගැනීමට සිදු කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිදුකර ඇති විශේෂ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

'' නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවෙමින් පැවති විනාශයේදී එය අවම කර ගැනීම සඳහා අපගේ නාවික හමුදාව මෙන්ම අපගේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාවේ සහය සාර්ථකව ලබාගැනීමට කටයුතු කළා.

ඉන්දීය රජයෙන් වන්දි මුදලක් ඉල්ලූ බවට මා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. නමුත් ඉන්දීය රජය විසින් නාවික හමුදාව යෙදවීමේදී ඔවුන්ට දරන්නට වූ වියදම ආපසු ලබාගැනීමට කටයුතු කරන්න කියා ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අප්‍රේල් මස විසි වන දින ලිපි දෙකක් මඟින් අධිකරණ අමාත්‍යවරයා ලෙස මා හටත් විදේශ කටයුතු අමාත්‍ය වරයාටත් දැනුම් තිබෙනවා.

ඒ අනුව ඉන්දියානු නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම වෙනුවෙන් වියදම් වූ මුදල් ඉන්දියානු රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් දරන ලද වියදම වූ ඉන්දියානු රුපියල් මිලියන 490ක් ඔවුන්ට ගෙවීමට සලස්වන ලෙස ඔවුන් අපට දන්වා තිබෙනවා. ඒ පිලිබඳව නීතිපතිතුමා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ඒ නැව් දෙක සම්බන්ධයෙන් වන නඩු මඟින් එම මුදල අයකරගෙන එය ඉන්දියාවට ගෙවීමට කටයුතු කරන්න කියල.

ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරපු නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබුනේ වන්දි මුදලක් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා නොමැති බවත් නෞකා දෙකෙහි හානිය අවම කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව විසින් දරන ලද වියදම ආපසු ලබාදෙන ලෙසයි.''

(උපුටා ගැනීම අවසන්)

 

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගිනිගැනීම්වලදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහාය වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති බවට පළවී ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ වැරදි සහගත බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මැයි 24 දා නිවේදනය කළේය.



High Commission 2023.05.25
සබැඳි පුවත් :

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය : ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි


JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය