ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (29) නියෝග කළේය.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව අද (29) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

මේ අතර ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය කිහිපයක්ම වාර්තාකර තිබේ.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇතයිද එම මාධ්‍ය වාර්තාකර ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්