1200 x 80 DMirror

'අරුණ 'පුවත්පත සහ වෙබ් අඩවිය තමන් පිළිබඳව පල කර ඇති වාර්තා මගින් තමන්ගේ

වරප්‍රසාද බරපතල ලෙස කඩ කර ඇති බවත්, එම  වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා පරීක්ෂණයක් පවත්වන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන වන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය කංචන විජේසේකර ලිපියෙන් වැඩි දුරටත් පවසයි.

“අසත්‍ය ප්‍රකාශ කිරීමට සහ අසත්‍ය ප්‍රකාශ පල කිරීමට සම්බන්ධ අදාළ පුද්ගලික සහ මාධ්‍ය සංවිධාන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස මම ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් අමාත්‍යවරයා අඟහරුවාදා (30) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

xfgr454



මාධ්‍යවේදී නිලන්ත මදුරාවල වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නන යයි!

2023 මැයි 24 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නිලන්ත මදුරාවල විසින් 'අරුණ' පුවත්පතේ වාර්තා කර තිබිණි. නිලන්ත මදුරාවල විසින් වාර්තා කර තිබුනේ පාර්ලිමේන්තු ගර්භය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කළ ප්‍රකාශයකි.

චමින්ද විජේසිරි කළ ප්‍රකාශය උපකල්පන මත කළ එකක් බවට චෝදනා කරමින් එම ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව අභියසට ගෙන්වීමේ  අවශ්‍යතාවය ඇමැතිවරයා විසින් කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත. 

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය