1200 x 80 DMirror

පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේගය විසින් රාජිත සේනාරත්න හා වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.



මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිව සිටි ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ යෝජනාවට සහය පළකිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ලිඛිත දැනුම්දීමක් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසිය.

පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙස අදාළ ලිපිය මගින් දැනුම් දී තිබේ.

අදාළ ඡන්ද විමසීම සිදුවන දින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවට නොපැමිණි අතර වඩිවෙල් සුරේෂ් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තම පක්ෂය තීරණය කර තිබු බවයි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයා ද ආණ්ඩුවේ යෝජනාවට සහය පළකරමින් ඡන්දය ප්‍රකාශකර තිබිණ.

IMG 20230530 WA0005
IMG 20230530 WA0006

(newswave.lk)


සබැඳි පුවත් :
ජනක ඒකාන්ත බහුතරයෙන් ගෙදර යයි - අලි සබ්රි ජනකට පක්ෂවේ


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය