ආණ්ඩුව විසින් තාවකාලිකව කල් දමා තිබෙන "ත්‍රස්ත විරෝධී"  පනත ( ATA)

 පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් තම සමීපතමයන් සොයාගැනීමේ අරගලයේ යෙදී සිටින මව්වරුන්ට ද එය අහිතකර ලෙස බලපාන බව යුද පීඩිත මාතාවක් විසින් පෙන්වා දී තිබේ.

“ ත්‍රස්ත විරෝධී පනත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කරන අපිට  අවාසියක්. අපේ අයීතීන් ඉල්ලන්න බැරි තත්වයක් ඇති වෙනවා. අපි කියන්නේ මේ නව ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න එපා කියලා.”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බව කී ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ( ATA) නිර්මානය කිරීමට උත්සාහ දරන බව පවසන වව්නියාව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සිවානන්දන් ජෙනීටා මාතාව පෙන්වා දෙන්නේ ත්‍රස්ත විරෝධී පනත ඒකාබද්ධව හෝ තනිව අරගල කරන අයට බාධාවක් වන බවයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පසුගිය මාසයේදී සදහන් කර තිබුනේ "ත්‍රස්ත විරෝධී"  පනත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් විමසා ඒවාද ඇතුළු කොට නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත්, ලංකාවේ දීර්ඝතම අරගලයේ නිරත අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගෙන් ආණ්ඩුව අදහස් විමසූ බවක් දැනගන්නට නැත.



‍නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් වෘත්තිය සමිති අයිතිවාසිකම් ,මාධ්‍ය අයිතීන්, අරගල වැනි දේ මර්දනය වන බවට පවසමින් ඇතැම් පිරිස් ජනතාව මුළාවට පත් කරමින් සිටින බවත්, නව පනත් කෙටුම්පත පිළිබදව විවේචන කරනු ලබන පිරිස් ඇතුළත් විය යුතු සංශෝධන පිළිබදව යෝජනා ඉදිරිපත් නොකරන බවටත් අධිකරණ අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 21වැනිදා මහනුවරදීචෝදනා  තිබුනි.


බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දියත් කරන අඛණ්ඩ අරගලයට දින 2291 ක් සම්පුර්ණ වන මැයි 30 වැනිදා වව්නියාව පැරණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී විරෝධතා දැක්වු දෙමළ මව්වරුන් ඒහිදී වැඩි දුරටත් කියා සිටියේ යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වන දේශිය යාන්ත්‍රණය ප්‍රතික්ෂ්‍රේප කරන  තමන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර යුක්තිය බවයි.

"ත්‍රස්ත විරෝධී"  පනත වහා නවත්තන්න, අලුත් නීති දාලා මිනිස්සුන්ගේ හඬ යටපත් කරන්න එපා ආදී සටන් පාඨ කියමින් ඔවුන් විරෝධතා දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කළ අතර එම අඛණ්ඩ අරගලය මේ වන විට දින 2300 ට ලගා වෙමින් තිබේ.

22222

02222

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්