ශ්‍රී ලංකා  මහවැලි අධිකාරිය යොදාගනිමින් වන්නියේ අලුතින් සිංහල ජනතාව පදිංචි කරවීමේ සැලසුමක් නැවතත් දියත් වෙමින් තිබෙන බවට තොරතුරු දෙමළ ජනතා නියෝජිතයෙක් අනාවරණය කර තිබේ.

'' දෙමළ ජනතාවගේ වාර්ගික උරුමය විනාශ කිරීමට සිංහල ජනතාව මෙහි පදිංචි කරවීම සහ දෙමළ ජනයා වාර්ගික වශයෙන් වඳ කිරීමට යාම සදහා වු දීර්ඝ කාලින උපාය මාර්ගය තමයි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ''

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් චෝදනා කරන්නේ මුලතිව්හි වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත්කරගනිමින් එහි මහවැලි J නමින් නව කලාපයක් පිහිටුවා සිංහලයන් පදිංචි කරවිමේ වෑයයමක් ක්‍රියාත්මක වන බවයි.

මැයි 28 වැනිදා මන්නාරමේ සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කළේ, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ග්‍රාම සේවා වසම් 37 ක ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට යන බව දන්වමින් එම අධිකාරිය ප්‍රදේශිය ලේකම් කාර්යාල තුනකට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 7 ක්, මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 15 ක් සහ මාන්තෙයි බටහිර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 15 ක් මෙලෙස පවරා ගැනීමට නියමිත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එයට අදාල ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් වීමට නියමිතව ඇති බවද සදහන් කළේය.

සිංහල ධිවර ජනතාව

මුලතිව් කරුනාට්ටුකේනි ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් භුමි තුළ සිංහල ධිවර  ජනතාව පදිංචි කරවීමේ මෙහෙයුමක ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් නිරතව සිටින බවටත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පසුගිය අප්‍රේල් මාසයේදී චෝදනා කර තිබුනි.

දෙමළ මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබුනේ කරුනාට්ටුකේනි පොලිස් ස්ථානය අවට පිහිටි දෙමළ ජනතාවට අයත් ඉඩම් තුළ සිංහල පවුල් 180 ක් පදිංචි කරවීමේ සැලැස්මක් පිළිබඳව තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තු  උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට  දිගින් දිගටම චෝදනාවට ලක්ව සිටී.

උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලය සහ සංස්කෘතික විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡා කර විසඳුමක් ලබාදිය යුතු බව චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් කැඳවා පවත්වන ලද සමුළුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුත්තක් බවයි.


 

 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්