දකුණු ආසියාකරයේ විශිෂ්ඨතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය දවා හළු කිරීමෙන් වසර 42 ක් ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ.



අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත 2023  ජුනි 1 වැනි බ්‍රහස්පතින්දා යාපනය පුස්තකාලාධිපතිනි රාජිනී නඩරාජ්ගේ ප්‍රධානත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කේ.එම් චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

පුෂ්පදීපානුස්මරණය සදහා පුස්තකාලයේ කාර්යමණ්ඩලයට අමතරව පාඨකයන්ද ඒක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

වව්නියාව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන් විසින් යුක්තිය ඉල්ලා ගෙනයන අඛණ්ඩ විරෝධතාවයේ 2992වන දිනයේදී,  යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් වසර 42 ක්  ගතවීම සිහිපත් කිරීමට කටයුතු කර තිබුනි.

n 1 n2



සිරිල් සහ ගාමිණී

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 97,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක ඇමැති දේපල යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසයි.

රනිල්ගේ සමාව

මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද  යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගිනි තැබීම සම්බන්ධයෙන් 2018 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.

“අපේ කාලේ පුස්තකාලේ ගිනිතිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා. සමාව ඉල්ලා සිටිනවා,” යි අගමැති වරයා 2018 දෙසැම්බර් 6 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වසරේ අයවැය විවාදයට සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන්ද සමාව ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ එදින අභියෝගයක්ද කළේය.

යුද සමයේ පල්ලි සහ කෝවිල් විනාශ කර දමන ලද බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ එදින වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.


JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්