ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගකයට රට තුළ ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.

දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම විශ්වාසය බවත් ජනපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

image 0b9da0168c'සියලු ශ්‍රී ලාංකිකයින් මිනිසුන් වේවා' - මංගල

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නව අවුරුදු සුබ පැතුම් එක්කරමින් පවසන්නේ, ''සියලු ශ්‍රී ලාංකිකයින් මිනිසුන් වේවා'' කියාය.

එම සුබපැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

සියලූ ශ්‍රී ලාංකිකයින්...

මනුදම් සුරකින,
මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න,
අනෙකාව ඉවසන,
හඬක් අවැසි අය වෙනුවෙන් හඬ නගන,
උස් තැන දැක හැකිලෙන්නෙ නැති,
මිටි තැන් දැක පුප්පන්නෙ නැති,
මවාපෑම්වලට නොරැවටෙන,
නොඇන්දෙන, නොඅන්දන,
පෙර නිමිති කියවන,
සුබ අසුබ ප්‍රතිඵල වෙන්කර පෙන්වන,
හොඳ දෙයට ඉඩ හදන,
නරක දෙය වළක්වන,
ලෝකයක් පිටුපාන මොහොතේදී පවා ලෝකයම වෙනුවෙන් තනි තනිව සටන් වදින,
ජාතිවාදයෙන් අන්ධ නොවන,
අවංක දේශප්‍රේමයෙන් අවදි වුන,
මනසින් උසස්

මිනිසුන් වේවා !

2

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්