ඉදිරියේ දී පොලී අනුපාතයන් පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.



අද (08) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බවය.

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% පොලී අනුපාතිකයක් අඩුවී ඇති අතර දින 182 භණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසීය.

රොයිටර් වාර්තාවක් :

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි.

බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.

 

ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය අවසන් වී ඇති බවට විශ්වාසයේ සලකුණක් ලෙස, මහ බැංකුව විසින් වසර තුනකට පසු සිය පළමු පොලී අනුපාත අඩු කිරීම පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළේය.

පදනම් ලක්ෂ්‍ය 250කින් අනුපාත කප්පාදුවත් සමඟ වෙලඳපොලවල් මවිතයට පත් වූ අතර ආර්ථිකයේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මාවතේ වෙනසක් එමගින් සනිටුහන් වන බව රොයිටර් පුවත් සේවය පවසයි.

මෑත මාසවලදී අපේක්ෂා කර තිබුණාට වඩා තිරසාර අන්දමින් ඩොලර් ගලා ඒම වේගවත් වීම හා වැඩි වේගයකින් උද්ධමනය ලිහිල් වීම නිසා බලාපොරොත්තු වූවාට වඩා කලින් මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම ආරම්භ කිරීමටත් ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට අවස්ථාවක් ලැබී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

“මෙය භාණ්ඩාගාර බැඳුම්කර හරහා යම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කළ හැකි අතර, එය විදේශීය ණය හිමියන් සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇතැයි අපි සිතමු,” යි Citi Bank ආර්ථික විද්‍යාඥයින් සටහනක ලියා ඇත.

“මහ බැංකුවේ අනුපාත ගැලපීම් ණය ගැනීමේ පිරිවැය කළමනාකරණය කිරීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණවලට අනුග්‍රහය දැක්වීමට ද උපකාරී වනු ඇත” යනුවෙන් ෆස්ට් කැපිටල්හි පර්යේෂණ ප්‍රධානී දිමන්ත මැතිව් පැවසීය.

2023 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2% කින් හැකිළෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පුරෝකථනය කරන ලද 3% හැකිලීමට වඩා තරමක් හොඳ ය. ආර්ථික විශේෂඥ ආයතන පහක් එය අනුමත කර තිබේ. ෆස්ට් කැපිටල් ආයතනය ඊට වැඩි 4.8%ක අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව පවසයි. කෙසේ වෙතත්, මෙම සමීක්ෂණයට සහභාගී වූ එක් ආර්ථි විශේෂඥ ආයතනයක් වන කැපිටල් ඉකොනොමික්ස් 3%ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබේ.



මුලාශ්‍ර රොයිටර් වාර්තාව පහතින්

Sri Lanka to remain on policy loosening course, next rate cut likely in August -analysts


(උපුටා ගැනීම් - praja.lk)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්